බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
දින ගණනාවක් ආහාර නොගෙන සිටීම හේතුවෙන් විමල් වීරවංශය මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් තවදුරටත් ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ යුතු බවට බන්ධනාගර රෝහලේ වෛද්‍යවරුන් තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.