ඌව පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් වෙන්ව තනිව තරග කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.
අද (29දා) පෙරවරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ සන්ධානයේ පොදු එකඟතා කැඩීමට එහි නායකයන් කටයුතු කරන බැවින් එම තීරණයට එළඹි බවයි.
ආණ්ඩුව සන්ධානයේ සාමාජික පක්ෂවල අයිතිවාසිකම් ගණන් නොගෙන ගමනක් යනවා නම් එවැනි ආණ්ඩුවක තවදුරටත් රැඳී සිටිය යුතුද යන්න සිතා බලන බවද ඔහු වැඩිදුරටත් කීය.