අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වන හෙට (17දා) දිනයේදී විභාගය අවසන් වූ පසු සියලුම අපේක්ෂකයන් සාමකාමීව නිවෙස් වෙත යා යුතු බව විභාග කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යම් ලෙසකින් විභාග මධ්‍යස්ථාන තුළදී හෝ භූමිය තුළදී කලහකාරී ලෙස හැසිරුණහොත් ඒ සියලුම දෙනාගේ විභාග ප්‍රතිඵල අත්හිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ ආකාරයෙන් මාර්ගවල කලහකාරී ලෙස හැසිරෙන සියලුමදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද කොමසාරිස්වරයා පවසා සිටියේය.