අරණායක සහ බුලත්කොහුපිටිය ප්රදේශයන්හි සිදුවූ නායයාමෙන් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.
හෙලිකොප්ටර් යානා මගින් නායයාම සිදුවු ප්රදේශ නිරීක්ෂණය කිර ලබාගත් තොරතුරු අනුව මුදාගැනීමේ කණ්ඩායම් යෙදවීමට කටයුතු කර ඇත.
ගම්පහ දොම්පේ ප්රදේශයේ ගංවතුරෙන් අවතැන් වී සිටින පිරිස් සඳහා ආහාර සලාක බෙදාදීමද ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන බව ගුවන් හමුදාව පැවසීය.