විධායක ජනපතිධුරය අහෝසි කරන බවට විපක්ෂය සඳහන් කළත් මේ වන විට ඔවුන්ගේ ස්ථාවරත්වය වෙනස්වී තිබෙන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මොනරාගලදී පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රචාරක රැලියක් අමතමින් ජනපතිවරයා මේ බව ඊයේ (21දා) ප්රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,
"1815 මෙන් වූ බලවේග සමග සටනකට අද මුහුණ දෙනවා. ඔවුන් අරාබි වසන්තයක් ගේන්න හදනවා. අපි අපේ ක්රමයකට ත්රස්තවාදය නැති කළා. ආනයනය කරපු මොඩලයකට අපිට මේ රට සංවර්ධනය කරන්න බෑ. දුප්පත් ජනයාගේ ජීවන තත්ත්වය වෙනස් කරන්න ඕන."