එක්සත් ජාතික පක්ෂ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් 05 දෙනෙකු සහ මුස්ලිම් කොංග්රසයේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු එම පක්ෂවලින් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට අද (29දා) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.
මෙලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය දැක්වීමට එක්වූයේ මුස්ලිම් කොංග්රසයේ පූජාපිටිය ප්රාදේශීය සභා මන්ත්රී උවයිස් මොහොමඩ්, මාතලේ ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කීරිති හේරත්, එම ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී හසිත සේනාරත්න, මාතලේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී තුෂාර ප්රනාන්දු, ඌව පරණගම ප්රාදේශීය සභා මන්ත්රී ඩී.එම්. සිරිසේන දොඩංගොඩ සහ ප්රාදේශීය සභා මන්ත්රී අජිත් උපුල් දේශප්රිය යන මහත්වරුය.