ආණ්ඩුව නියෝජනය කළ ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂය සමග එක්වූ සැනින් ඔවුන් සුදු චරිත ලෙස බෞතිස්ම වීම වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රවණතාවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී අද (පෙරවරුවේ) ජනතා විමුක්ති පෙරමුරණ් විකල්ප කණ්ඩායම සංවිධානය කර තිබූ ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ අමාත්‍යධුර ඇතුළු වගකීම් දැරූ සමයේ ඔවුන්ට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය එල්ල කළ චෝදනා විපක්ෂයටද අමතක වෙමින් ඇති බවයි.
ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා චෝදනා නොකළ බවත්, විපක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාට ගස්, ගල්, වැලි, මෝල් පිළිබඳ විවිධ චෝදනා කළ බවත්ය.