විපක්ෂයේ දේශපාලඥයන් ව්‍යවස්ථා භූතයෙක් මවන්නට උත්සාහ කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව විපක්ෂයේ දේශපාලඥයන් මේ දිනවල සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා ජනමත විචාරණයකින් සංශෝධනය කළ යුතු කාරණාවක්. ශ්‍රී ලංකා නිදහස් ස්වෛරී රාජ්‍ය, ඒකීයභාවය, ජනතා පරමාධිපත්‍ය, ජාතික කොඩිය, ජාතික ගීය, නිදහස් දිනය, බුදුදහමට ප්‍රමුඛත්වය ලබාදීම, ආගමික නිදහසේ අයිතිය, වධහිංසාවලට එරෙහිව අයිතිය යන මේ කරුණු නවය පාර්ලිමේන්තුවට අවශ්‍ය වුණත් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයකින් තොරව සංශෝධනය කළ නොහැකියි.
මෙතනදී යෝජනා කරන්නේ මුළු පාර්ලිමේන්තුවම කාරක සභාවක් විදියට ක්‍රියාත්මක කරන්න. ඊට වඩා ප්රජාතන්ත්රාවදයක් තියෙනවද? මේ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ස්ථාවර නියෝගවලට කිසිසේත්ම පටහැණි නෑ. අපි මේක හැංගිලා කරන දෙයක් නෙවෙයි. පදනම් විරහිතව අපිට චෝදනා කරන විපක්ෂයේ දේශාපාලඥයන්ට මතක් කරලා දෙන්න ඕන. 1995 ඉදිරිපත් කරපු ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීයභාවය කියන වචනය නැහැ. හැබැයි රටේ ඒකීයභාවය නැතිකරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිසිසේත්ම ඉඩදෙන්නෙ නැහැ. එතුමා ඒකීය ශ්‍රී ලංකාවක් තුළ තමයි ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ” යැයි පවසා සිටියේය.