ශ්රී ලංකා පාර්ලිමේන්තුවෙි විපක්ෂනායක නිමල් සිරිපාල දසිල්වා මහතාගේ මෑණියන් වන විශ්රාමලත් විදුහල්පතිනි හෙන්නායක මුදියන්සේලාගේ ලීලාවති පොඩිමැණිකේ මහත්මිය අවුරුදු 93 ක් ආයු වළඳා අද (17දා) අලුයම කලුරිය කළාය.
බදුල්ල ස්ප්රිවැලි කදන බටුපිටිය සොමිකැළුමි නිවසේ පදිංචිව සිටි ඇයගේ මෘත දේහය මල් ශාලාවේ සිට අද උදෑසන බදුල්ල ආර්. එච්. ගුණවර්ධන මාවතේ පිහිටි නිමල් සිරිපාල ද සිල්වා මහතාතගේ නිවසට රැගෙන ගොස් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට නියමිතය. අවසන් කටයුතු සඳුදා සවස කදන ගමිමානයේදී සිදු කෙරෙයි.