විපක්ෂ නායක නිමල් මැතිවරණය කල් දැමීමට ගන්නා උත්සාහය පරාජය කරනවා
විධායක ජනාධිපති ක්රමයේ බලය අහෝසි කරන සංශෝධනය සමග මැතිවරණ ක්රමයේ සංශෝධනයන් ගෙන ආ යුතු බව සඳහන් කරමින් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මැතිවරණය කල් දැමීමට උත්සාහ ගන්නා බවත්, එම උත්සාහය පරාජය කිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඊයේ (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කරවීමට කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා වැනි අය කියන ආකාරයට කටයුතු නොකර, පොරොන්දු වූ ආකාරයටම අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඡන්දයකට යා යුතු බවයි.
මීට අමතරව පොරොන්දු වූ ආකාරයටම මාර්තු මාසයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බවත්, ඉන්පසුව මැතිවරණයක් පවත්වා මැතිවරණ ක්රමයේ වෙනසකට යා යුතු බවත් ඔහු පවසා සිටියේය.
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තමන් සතු බවට නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත්, එහිදී නිමල් සිරිපාල ද සිල්වා ඡන්දය ලබානොදුන්නද එය වැදගත් කාරණයක් නොවන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
එයට හේතු වී තිබෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඡන්දයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද තවත් තිබෙන බැවින් සහ ඔවුන් නිමල් සිරිපාල ද සිල්වා මහතාට අනුව යමින් ඡන්දය භාවිත කරාවිදැයි කිව නොහැකි බැවින් යැයිද ඒ මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නිමල් සිරිපාල ද සිල්වා නොවන බවත්, පක්ෂයේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව සියලු දෙනා දැනගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
යම් ලෙසකින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ඡන්දයකට ගොස් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකි පාර්ලිමේන්තුවක් සකස් කරගෙන එය සම්මත කරගන්නා බවද ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

