විපක්ෂ නායක ධුරයට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්කරන්නැයි සිදුකරන ලද ඉල්ලීමට අනුවඑය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර කාරණාවක් බැවින් පක්ෂ තුළ එය සාකච්ඡා කොට තමන්ට දැනුම්දෙන ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතාසන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට නියෝග කළේය.
විපක්ෂ නායක ධුරයට ගුණවර්ධන මහතා පත්කරන ලෙස ප්‍රථම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාය.
වත්මන් රජයට එරෙහිව ප්‍රබල විපක්ෂයක් තැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බැවින් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 දෙනෙකු ඉල්ලා ඇති බව ද ඔහු පැවසීය.
අනතුරුව අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, රජයේ ආර්ථික හා දේශපාලන ක්‍රියා මගින් විපක්ෂ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමන කරන බවත්, ඊට එරෙහි දැවැන්ත ප්‍රතිරෝධයක් ගොඩනැගීමට සටන්කාමී නායකයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ලෙස පත්කළ යුතු බවත්ය.
හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාද පවසා සිටියේ, පෙත්සමක් වෙනුවට දිවුරුම් ප්‍රකාශ ලබාදීම නීතිමය වශයෙන් ගාම්භීර කටයුත්තක් බවත්, එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් 54ක් ඒ සඳහා අත්සන් කොට තිබීම කථානායකවරයාට එම ප්‍රශ්නයට තීන්දූවක් ගැනීමට පහසුවක් වන බවත්ය.
අනතුරුව අදහස් දැක්වූ කථානායකවරයා පවසා සිටියේ, බහුතරයකගේ සහාය ඇතිව විපක්ෂ නායක ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නම යෝජනා කර තමාට දැන්වූයේ සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බැවින් ඒ මහතාම එම ප්‍රශ්න පිළිබඳව අභ්‍යන්තරිකව සාකච්ඡා කොට අවසාන තීන්දුව තමාට දන්වන ලෙසයි.
විපක්ෂ නිමල් සිරිපාලද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, කථානායකවරයා දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට තමා සූදානම් බවයි.කෙසේ නමුත් එ.ජ.නි.ස මන්ත්රීවරුන්රජයේ අමාත්‍ය ධුර ලබාගැනීමෙන් පසු තමාට විපක්ෂනායක ධුරය දැරිය නොහැකි නම්, සන්ධානය නියෝජනය කරන වෙනත් අයෙකුටද එම ධුරය ලබාගත නොහැකි බවද ඔහු පවසා සිටියේය.