විපක්ෂ නායක කාලේ ඇගමැති රනිල් ගැන අනුර කියයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර යෝජනය සඳහ් ගෙන්වූ මෝටර් රථ දෙකකට රුපියල් ලක්ෂ 5993ක් වැය කළ බවත් එක් වාහනයක මිල රුපියල් ලක්ෂ 3000ක් වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත් වත්මන් අග්‍රාමාත්‍යවරයා විපක්ෂනායක ධුරය දරණ කාලසීමාවේදී එසේ මුදල් විනාශ නොකළ බවත් ඔහු පැවැසීය.
බදුල්ලේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම හිටපු ජනපතිවරයා මෙන්ම වත්මන් ජනතිවරයාද සිය ගමන් යෑම සඳහා හෙලිකොප්ටර් දෙකක් භාවිත කරන බවත් ඔහු පැවැසීය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනවාරි 31දා එළිදැක්වූවත් එයින් කිසවෙකුත් වැරදිකරුවන් ලෙසට සටහන් නොදමන බවට තමන්ට විශ්වාස බවත් ඔහු සඳහන් කළේය.
“අපිට මතකයි ඉස්සර මහින්ද මහත්තයා කොළඔ ඉදන් ඈත පළාත්වලට එනකොට හොලිකොප්ටර් 2 කින් ආවා . අපි ඒක විවේචනය කළා . දැන් මෛත්‍රී මහත්තයත් එන්නේ හෙලිකොප්ටර් 2 කින් අපිට සාමාන්‍යයෙන් පිළිගන්න පුථවන් කාර් දෙකක් යනවා නම් එක කාර් එකක හුලං ගියොත් අනෙක් කාර් එකේ නගින්න පුළුවන් . උඩින් හෙළිකොප්ටර් 2 ක් යන්නේ එකක ප්‍රශ්නයක් ආවොත් අනෙක් එකට පනින්නද ?
මොකද මෛත්‍රී මහත්තයා ගුවන්කරනම් ඉගෙන ගන්නද ?
අගැමැතිතුමා රුපියල් ලක්ෂ 5993 කට කාර් දෙකක් ගත්තා . එකක වටිනාකම ලක්ෂ 3000 ක් කෝටි 30 ක්. බදුල්ල මහ නගර සභාවේ වාර්ෂික ආදායම කෝටි 25 යි .
මේ කාර් එකෙන් පාර්ලිමේන්තු එන කල් ඉන්නේ ගිහින් බලන්න මොකකද් මේ කාර් එක කියලා . ඒ නයිට් රයිඩර් කාර් එක වගේ එකක්ද කියලා. එතුමා විපක්ෂනායක කාලේ එමෙ නැහැ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


