නිවසේ මෙහෙකාරියට බරපතළ ලෙස පහරදීමක් සිදුකළැයි දැනට චෝදනා නැගී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතාට අධිකරණයේ ගරුත්වය සහ කීර්තිනාමය සලකා සේවයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (02දා) අගවිනිසුරුවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, මෙම විනිසුරුවරයා විනිසුරුවරයෙකු ලෙසට කිසිදු රාජකාරී කටයුත්තක් නොයොදවන ලෙසටත් ඔහුට විනිසුරු මඬුල්ලක කටයුතු කිරීමට අවසර ලබානොදෙන ලෙසටත්ය. මෙම විනිසුරුවරයා විසින් සිදුකරන ලද මේ හා සමාන ක්‍රියාකාරකම් සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවට එම සංවිධානය අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
නිවසේ සේවය කළ මෙහෙකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම වනවිට රහස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.