ගංවතුරෙන් හා නායයෑම්වලින් විනාශ වූ සියලු විහාරස්ථානවල තොරතුරු වහාම ලබාගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්ට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
මේ වැඩපිළිවෙළ කෙටි කාලීන හා දීර්ඝ කාලීනව කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත්, කඩිනමින් කළ යුතු සියලු අවශ්‍යතා සපුරාලීමටත් කටයුතු කිරීමට අමාත්‍යවරයා උපදෙස්දී තිබේ.
ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලය මගින් හා සමායෝජක ස්වාමීන් වහන්සේලා මගින් මෙම තොරතුරු කඩිනමින් ලබාගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ.