පාසල් ක්‍රිකට් තරග හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට අවතීර්ණ වී නීතිවිරෝධී අයුරින් හැසිරෙන සිසුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ (21දා) කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් කණ්ඩායමක් ක්‍රිකට් තරගයකට සහභාගී වීමෙන් අනතුරුව බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයට ඇතුළුව එහි පුද්ගලයෙකුට පහරදී පාසල් සිසුවියන් හා ගුරුවරුන් බිය ගැන්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුව නිසා කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින බාලිකා පාසල් අසල විශේෂ පොලිස් කණ්ඩායම් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් යෙදවීමටත්, පොලිස් හදිසි ඇමතුම් අංශයේ ගුවන්විදුලි රථ හා CCTV කැමරා සවිකරන ලද ජංගම සංචාරක රථද යෙදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
මේ අනුව විනය විරෝධීව හැසිරෙන පාසල් සිසුන්ට ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.