ජාතික විගණන පනත සම්මත වීම වැළැක්වීමට දූෂිත නිලධාරීන් මුලින්ම කටයුතු කළේ 2005 වසරේදී බවත්, වර්තමානයේදීත් එම ක්‍රියාව සිදුවෙමින් තිබෙන බවද හිටපු විගණකාධිකපති එස්. මායාදුන්නේ මහතා සඳහන් කළේය.
වර්තමානයේදී ජාතික විගණන පනත සම්මත කිරීමට උත්සාහ කළද එය සංශෝධනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත් එහෙත් පනත සකස් කර තිබෙන්නේ රාජ්‍ය මුදල්වලට පූර්ණ ආරක්ෂාව සපයමින් බවද පවසා සිටියේය.
මීට අමතරව පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට හෝ විධායකයට නීතිමය බලයක් නොමැති බවත් එය සිදුකළ හැකිවන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.