විධායක ජනපතිධුරය අහෝසි කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතික එකගතාව ලැබී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (17දා) කොළඹ ජනපති නිල නිවසේදී පැවැති අතර එහිදී ඔවුහු අදාළ තීරණයට එකඟතාව ප්‍රකාශ කර තිබේ.