පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දුවට අනුව විධායක ජනාධිපතික්රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සහ මනාප ක්‍රමය අහෝසිකර නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකා දෙක අද (18දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් යම් යම් බලතල ප්‍රමාණයක් විධායක ජනාධිපති ධුරයෙන් ඉවත්ව තිබෙන බවත්, මේ නිසා විධායක ජනාධිපති ධුරයේ පවතින අනෙකුත් බලතල සියල්ලම පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතනවලට ලබාදෙන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් 2000කට ද්විත්ව පුරවැසි සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඊයේ (17දා) මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේමනාප ක්‍රමය නැති නව මැතිවරණක්‍රමයක් ඇති කරන බවට රටට පොරොන්දුවක් ලබාදී තිබෙන බවයි. මේ අනුව මනාප ක්‍රමය අහෝසි කර, දූෂණයෙන් තොර අක්‍රමිකතාවලින් තොරව, ජනතාවට තමන්ගේ පාලකයන් තෝරාගැනීමට හැකි නව මැතිවරණක්‍රමයක් සකස් කිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා කියා සිටියේය.
අලුත් ආණ්ඩුවක් ලෙස අලුත් ගමනක් යෑමට සැලසුම් කර තිබෙන බවත්, එහෙත් සමහරුන් අලුත් ආණ්ඩුව ගැන කතා කරන්නේ මේ ආණ්ඩුව අවුරුදු 08– 10 ක් මේ රට පාලනය කර ඇති ආකාරයට බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ජනවාරි08 වැනිදා ජනතාව අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගත් අතර, අගෝස්තු 17 වැනිදා ජනතාවම අලුත් ආණ්ඩුවක් පත් කරගත් බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මෙම කාලය තුළදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර රටට නිදහස සහ ප්රජාතන්ත්රවාදය උදාකර දී තිබෙන බවත්, මේ සියලුම කටයුතු සිදු කළේ මාස 10 ක වැනි කෙටි කාලයක් තුළදී බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මේ නිසා රටට උදාකර දී තිබෙන ප්රජාතන්ත්රවාදය, නිදහස මත අයුතු කටයුතු සිදු නොකර නව ආණ්ඩුවේ වැඩ දෙස බලා සිටින ලෙසත්, තවම වැඩ ආරම්භ කළා පමණක් බවත් හෙතෙම පවසා සිටියේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දිවිත්ව පුරවැසි සහතිකපත් 2000 ක් මෙහිදී පිරිනැමුණු අතර, මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සහභාගි වූහ.