විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සහ නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරිම සඳහා අදාල යෝජනා සහ ක්‍රමවේද ඉදිරිපත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතු දස පුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ අනිකුත් සමාජිකයින් ලෙස විජයදාස රාජපක්ෂ , ඩි.ඒම් ස්වාමිනාදන්, නිමල් සිරිපාල ද සිල්වා ,සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම,පාඨලි චම්පික රණවක හා මනෝ ගනේෂ්වරන් යන අමාත්‍යවරුන් පත්කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.