එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බව සඳහන් කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය විධායක ජනපතිධුරය අහෝසි නොකළ යුතු බව යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් ග්‍රාමීය නායකයන්ගේ හමුවකදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
මෙම හමුව ඊයේ (23දා) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ ජන්දය නැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගන්න බැහැ. එම නිසා අපේ පක්ෂය තියෙන තාක් මේ රට පාවාදෙන්න ඉඩ තියන්නේ නෑ.
තාම නව ව්‍යවස්ථාව හදලා නැහැ. අපි දැන් මූලික සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා. ඒ අවස්ථාවලදී හැම පක්ෂයක්ම තම පක්ෂයේ මතය ඉදිරිපත් කර තිබෙනවා. බලය බෙදීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව තුළින් පත්වෙන අගමැතිට පළාත් සභා හසුරුවන්න බැහැ. පාර්මේන්තුවේ බල තුලනය වෙනස් වෙනකොට කුඩා පක්ෂවලින් විවිධ අනිසි තීරණ ගන්න පුළුවන්. විවිධ බලපෑම් එන්නත් පුළුවන්.
එම නිසා මුළු රටේම සියලුම ජාතීන්ගේ ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක් ඉන්නකොට තමයි ජාතික සංහිඳියාව ඇතිවෙන්නේ. සිංහල,දෙමළ,මුස්ලිම්,මැලේ හැම කෙනාටම ජනාධිපතිට ඡන්දය දෙන්න පුළුවන් කොටස් කරුවන් වෙන්න පුලුවන් වන්නේ විධායක ජනපතිධුරය තිබියදී පමණයි.” යැයි ද පවසා සිටියේය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි