පාර්ලිමේන්තුවේදී පනත සම්මත වෙයි
විදේශිකයන්ට හෝ විදේශීය සමාගම්වලට සින්නක්කර අයිතිය යටතේ ඉඩම් පැවරීම තහනම් කෙරෙන පනතක් ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙකී පනතට අනුව විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හෝ විදේශිකයන් වෙත 50෴කට අධික කොටස් හිමි සමාගම්වලට සින්නක්කර අයිතිය යටතේ ඉඩම් පැවරීම තහනම් වනු ඇත.
කෙසේ නමුදු රාජ්‍යතාන්ත්‍රික සේවා සඳහා අදාළ ඉඩම් පැවරීමට මෙම නීතිය බලනොපානු ඇත.
එසේම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල හතරවැනි මහලෙන් ඉහළ දේපළ මිලදී ගැනීමටද මෙමගින් බාධාවක් නොවනු ඇත.
තවද ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ විදේශීය සමාගම්වලට හෝ පුද්ගලයන්ට ඉඩම් පැවරීම මෙම පනතට අදාළ නොවේ.
නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙකී පනතට අදාළ විවාදය ආරම්භ කරමින් කියා සිටියේ, රටේ දර්ශනීය හා වටිනා ඉඩම් විදේශිකයන් අතට පත්වීම වැළැක්වීමට මෙකී පනත ගෙන ආ බවයි.