ශ්‍රී ලංකාවේ පදිංචි වීමට බලාපොරොත්තුවෙන් ගුවන් මගින් පැමිණෙන විදේශීය ජාතිකයන්ගේ සහ හෝටල් හා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවය කරන සියලුම සේවකයන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවක් අනිවාර්යයෙන්ම කළ යුතු බව සෞඛ්‍ය පෝෂණ හා වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් ලක්ෂ 25 ක වියදමින් කළුතර, කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද 'සුවදිවි' සායන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. බෝ නොවන රෝග වර්තමානයේ අභියෝගයක් බවට පත් වී ඇති අතර, බරවා සහ ඩෙංගු වැනි රෝග අඩු මට්ටමක පවතින බවත්, සමාජ රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් මේ පිළිබඳ ප්‍රා‘යෝගික වැඩපිළිවෙළක් දියත් කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ පදිංචි වීමට බලාපොරොත්තුවෙන් ගුවන් මගින් පැමිණෙන විදේශ ජාතිකයන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවක් අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත්, හෝටල් හා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවය කරන සියලු සේවකයන්ගේ සහ විදේශිකයන්ගේ ලේ සාම්පල පරීක්ෂා කළ යුතු බවත් කී අමාත්‍යවරයා ගුවන් තොටුපලේදී සියලුම විදේශිකයන්ගේ ලේ සාම්පල පරීක්ෂා කිරීම තුළින් මැලේරියා රෝගීන් සොයාගැනීම සහ ඒඩ්ස් රෝගයද තුරන් කළ හැකි බවත් තවදුරටත් පැවසීය.