මෙරට සිටින විදේශගත ශ්‍රමිකයන්ට බදු සහන ලබාදෙන ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ට බදු පිට බදු ගසමින් සිටින බව එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
මේ අනුව විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවනා මුදල් සඳහා බදු මුදලක් අයකිරීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව විදේශගත රැකියාවක් සිදුකර ලංකාවට පැමිණ නැවත විදේශ රැකියාවකට යාමේදී ගුවන්තොටුපොළ තුළදී රුපියල් දාහත්දහස් පන්සීයක මුදලක් අයකර ගැනීමටත් කටයුතු කරමින් සිටින බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.