ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ නව සභාපතිවරයා ලෙස නීතීඥ ලලිත් පීරිස් මහතා අද දින (15od) නාවල පිහිටි එම ආයතනයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඇති ලලිත් පීරිස් මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥවරයෙකු ලෙස 1997 වර්ෂයේදී දිවුරුම් දී තිබේ.
ලලිත් පීරිස් මහතා 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරයි. අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් ඔහු විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් කොට තිබේ.