විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනවශ්‍ය වියදම් අඩුකිරීම නිසා රුපියල් මිලියන 450 ක් පමණ ඉතිරි කරගැනීමට හැකිවූ බව විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.
විගමනික පවුල් සුභසාධන වැඩසටහන් වන ශ්‍රමික සුරැකුම් ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ඇය මේ බව සඳහන් කළාය.
එම වැඩසටහන යටතේ සියලුම විදේශ ගත ශ්‍රමිකයන් ලියාපදිංචිය අද (08දා) සිට සිදුකෙරෙන අතර, ඒ හරහා විගමනික පවුල්වල සුභසාධනය, විශ්‍රාමික වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, අනේවාසික බැංකු ගිණුම්වල ඉහළ පොලියක් ලබාදීම යන කරුණුද ඇතුළත් බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.