විදේශ රැකියා නියෝජිතායතන 153ක් ගතවූ කාලසීමාව තුළ (ජනවාරි 01 සිට සැප්තැම්බර් 16 දක්වා) අසාදු ලේඛනගත කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙසේ තාවකාලිකව රැකියා බලපත්‍රය අත්හිටුවීම සඳහා කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහායක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා ක්‍රම මගින් පුද්ගලයන් විදේශගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශගත කිරීමට නියමිත පුද්ගලයන්ට මූල්‍ය වංචා කිරීම, විදේශ රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ්‍රමිකයන් එරටට ලබානොදීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබේ.
මේ ආකාරයට ආයතනයක් අසාදු ලේඛනගත කළ පසු අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව රැකියා බලපත්‍රය අහෝසි කිරීම, වංචනික මූල්‍ය ආයතනවලින් ලැබිය යුතු මුදල් නැවත ලබාගැනීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීම, නීති අංශය මගින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
පසුගිය මාස 09 ඇතුළතදී අසාදු ලේඛනගත කළ ඒජන්සි ආයතන 141 ක් එම ලේඛනයෙන් ඉවත් කළ ඇතැයිද එම කාර්යාංශය පවසයි.