තම රජය විදේශ බලවේග සඳහන් කරන ආකාරයට කටයුතු කිරීමට සූදානම් නොමැති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා රත්මලානේ පැවැත්වෙන ජනරැළියකට සහභාගීවෙමින් ජනපතිවරයා මීට සුළු මොහොතකට පෙර එම අදහස් ප්රකාශ කළ බව ඔහුගේ ට්විටර් ගිණුම සඳහන් කරයි.
එසේම ජනතාව රජයත් සමග සිටිනතුරු කිසිදු බලවේගයකට රජය වෙනස් කළ නොහැකි බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.