තවත් මාස කිහිපයකින් මෙරට නව විදේශ ගමන් බලපත්‍රය තෝමස් ඩිලාරූ මුද්‍රණාලයේදී මුද්‍රණය කිරීමට නියමිත බවත්,එම ගමන් බලපත්‍රයේ මයික්‍රෝ චිප් තාක්ෂණය ඇතුළත් කෙරෙන අතර, ඒ අනුව තමන්ගේ ඇඟිලි සලකුණ, ඡායාරූපය සහ තවත් තොරතුරු ගණනාවක් ඊට ඇතුළත් කෙරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14දා) පැවසීය.
බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව අග්රාමාත්යවරයාමාධ්ය අමතමින් මේ බව කියා සිටියේය.
එම ආයතනය මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා බවත්, අද වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු ප්‍රමාණයෙන්25෴ ක් මුද්‍රණය කරන්නේ එහි බවත් කී අගමැතිවරයා ඉදිරියේදී ඉතිරි 75% ද අලුතෙන් මුද්‍රණය කිරීමට නියමිත බවද කියා සිටියේය.