දේශපාලනික බලපෑම් හා යුද ගැටුම් හේතුවෙන් විදෙස්ගතව සිටින ලාංකිකයින්ට ගමන් බලපත්ර නිකුත් කිරීමේදී කලක සිට පනවා තිබූ රෙගුලාසි රජය විසින් අද ඉවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
සරණාගතභාවය හෝ රැකවරණය ඉල්ලා සිටි රටවලින් ඔවුන්ට සරණාගතභාවය හෝ රැකවරණය ලැබී ඇති නම් ඔවුන්ට ගමන් බලපත්ර නිකුත් කිරීමෙන් වළකින ලෙසට එවකට විදේශ අමාත්යංශය අදාළ තානාපති කාර්යාලවලට දැනුම් දී තිබුණ අතර මෙම වාතාවරණය යටතේ එම ශ්රී ලාංකිකයින්ට නැවත ශ්රී ලංකාවට පැමිණීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති අතර ඒ අනූව එකී සීමාවන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව එහි සඳහන් වී තිබේ
.