ආපදාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට විදේශ රටවල සිටින පරිත්‍යාගශීලීන්ට විදේශ මුදල්වලින්ම ආධාර කිරීමට මහ බැංකුව විසින් ගිණුම් 05 ක් හඳුන්වාදී ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය එච්.එස්. සමරතුංග මහතා සඳහන් කළේය.
මේ අනුව ඇමෙරිකානු ඩොලර්වලින් සිදුකරන ආධාර 102960002000 සහ ස්ටර්ලින් පවුම්වලින් කරන ආධාර 502961002000 යෙන්වලින් සිදුකරන පරිත්‍යාග 502966002000 යුරෝපාවලින් සිදුකරන පරිත්‍යාග සඳහා 502969002000 ගිණුමට මුදල් බැර කළ හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
මහ බැංකුව විසින් ආරම්භ ඇති මෙම ගිණුම්වල මුදල් සම්පත් බැංකුව මගින් සම්ප්‍රේෂණය කරන බවද හෙතෙම පවසා සිටියේය.