ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ආරාධනා කළ විදේශීය නිරීක්ෂකයන් 120 දෙනාගෙන් 110 දෙනෙකු මේ වනවිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව පැෆරල් සංවිධානය මැදිහත් වී මෙරටට ආරාධනා කර තිබෙන නිරීක්ෂකයන් 12 දෙනා අද (06දා) සිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ආරාධනාවකට අනුව ලංකාවට පැමිණෙන නිරීක්ෂකයන් 30 දෙනා හෙට (07දා) සිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී අනුරාධ ගුරුගේ මහතා පැවසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂකයන් 120 දෙනෙකුට ආරාධනා කර තිබෙන බවත්, ඉන් 110 දෙනෙකු මේ වනවිට ලංකාවට පැමිණ තිබෙන බවද මැතිවරණ දෙපාර්තමේන්තවේ සම්බන්ධීකරණ නිලධාරී නිසාන් හමීඩ් මහතා සඳහන් කළේය.
ඉතිරි නිරීක්ෂකයන් 10 දෙනා ඉදිරියේදී ලංකාවට පැමිණීමට නියමිත බවත්, ඉන්පසුව එම පිරිසත් නිරීක්ෂණ කටයුතු සඳහා එක්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව හෙට (07දා) වනවිට මෙරට තුළ නිරීක්ෂණ කටයුතුවල නිරතවන නිරීක්ෂකයන් ප්‍රමාණය 152 කි.