ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා බව හඟවමින් ඔහුගේ අත්සනක්ද සහිතව මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරුවන ලිපිය අසත්‍ය ලිපියක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන මෙවැනි දෑ නිර්මාණය කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
පසුගිය 02 දාතමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ බව දැක්වෙන අත්සනින් නිකුත් කළ ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙයි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසළදී පසුගියදා ඇති වූ සිදුවීම (එහි ඇමති ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සිදුවීම) අරමුණු කරගනිමින් මෙම ව්‍යාජ ලිපිය නිර්මාණය කර තිබේ.
එම ලිපිය ටී.ආර්. බාලු නමින් හැඳින්වෙන එංගලන්තයේ දමිල සංසදයේ පුද්ගලයෙක් ආමන්ත්‍රණය කරමින් ලියා ඇති අතර එහි දැක්වෙන්නේ ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව පියවර ගන්නා බවයි.
මේ වන විට විදේශ කටයුතු අමාත්‍යවරයා වන්නේද තිලක් මාරපන මහතායි.