පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබෙන ආධාර කිසිදු මැදිහත්කරුවෙකු නොමැතිව ජනතාව අතට පත්කරන පාර්ශ්වයන්ට දියහැකි උපරිම දඩුවම ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබෙන ආධාර කිසිදු මැදිහත්කරුවෙකු නොමැතිව ජනතාව අතට පත්කිරීමට සූදානම් බවට වාර්තා වන බවත්, එවැනි පාර්ශ්ව සිටී නම් ඔවුන්ව හෙළදරව් කිරීමේ වගකීම මාධ්‍ය සතු බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.