විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ හිඟ වැටුප් ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරු අද (25දා) සවස 2.30 ට පමණ අම්පාර නගර මධ්‍යයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
අම්පාර ඔරලෝසු කණුව අසල විරෝධතා ව්‍යාපාරයේ නිරත වූ ඔවුහු, අම්පාර රීගල් හන්දිය දක්වා පෙළපාළියකින් ගමන් කළහ.
උසස්වීම් වහා ලබාදෙනු, නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට චක්‍රලේඛයක් නිකුත් කරනු, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් වහා ලබාදෙනු යන ඉල්ලීම් රැගත් පුවරු ඔවුහු ප්‍රදර්ශනය කර සිටියහ.
මෙම විරෝධතා ව්‍යාපාරයට ගුරු විදුහල්පතිවරු දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ.