විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන උසස්වීම් ගැටලු හා තනතුරේ ස්ථානගතනොකිරීම නිසා ඇතිවී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා විදුහල්පතිවරුන් 11000කට අධික ප්රමාණයක් මේ මස 24 වැනිදා කොළඹට කැඳවන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මෙම පිරිසෙන් 7200කට ආසන්න උසස්වීම් අහිමි වී තිබෙන බවත්, පත්වීම් ලද විදුහල්පතිවරුන් 3897කින් අති බහුතරයක් තනතුරේ ස්ථානගත කර නොමැති බවත් එම සංගමයේ කැදවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා මෙම ගැටලු විසඳාගැනීමට කොළඹට පැමිණෙන විදුහල්පතිවරුන් කොළඹ නගරය තුළදී දැවැන්ත ක්රියාමාර්ගයක් සිදුකරන බවද ඔහු පවසා සිටියේය. සමස්ත පාසල් පද්ධතිය තුළම සේවය කරනු ලබන්නේ විදුහල්පතිවරුන් 15,000කට ආසන්න ප්රමාණයකි.