පාසල්වල සිටින අනධ්‍යයන සේවිකාවන්ගෙන් සියයට 10ක් විදුහල්පතිවරුන් හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් අතින් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසීය.
දිවයින පුරා පිහිටි පාසල්වල අනධ්‍යයන සේවිකාවන් 15000ක් පමණ සිටින බවද ඔහු කීය.මේ පිළිබඳව පැමිණිලි කිරීමට යාමේදී වැටුප් වර්ධක කප්පාදු කිරීම, දුර පළාත්වලට මාරු කිරීම් සිදුකරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
වයඹ පළාත් සහ වැලිඔය, මොණරාගල, බදුල්ල යන ප්‍ර‘දේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මරදාන සමාජ හා සාමාජික කේන්ද්‍ර‘යේ අද (16දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පවසා සිටියේය.