පොළොන්නරුව කඳුරුවෙල අල්මීනා මුස්ලිම් විදුහලේ විදුහල්පතිවරයාට පහර දීම සම්බන්ධව එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරු මණ්ඩලය අද (23දා) පෙරවරුවේ විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මෙහිදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් 13 දෙනෙකු සඳහා ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කරන ලෙසත් එසේ නොවුණහොත් තමාට රාජකාරි කිරීමට අපහසු බවත්ය. පසුගිය 19 දා මෙම පහරදීම සිදුවිය.