මීගමුව අධ්‍යාපන කලාපයේ මිනුවන්ගොඩ ගොඩිගමුව මහා විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ ගුරු උපදේශිකාව මාරුකර යවා තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දයා සෙනරත් මහතා සඳහන් කළේ 11 වැනි ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (12දා) දිනයේදීම නිලධාරීන් පිරිසක් යවා විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුහල්පතිවරයා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යලයටද, විභාගය අධීක්ෂණය කළ ගුරු උපදේශිකාව කොළඹ පළාත් අධ්‍යාපන කාර්යාලයටද මාරුකර යවා තිබේ.
එසේම තවත් ගුරු උපදේශකවරුන් දෙදෙනෙකුගෙන්ද අද දින ප්‍රකාශ සටහන් කරගත් බව ලේකම්වරයා කීය.