නිවසට විදුලිය ලබාගත් වයරයෙන් විදුලිය කාන්දු වීමෙන් කාන්තාවක් හා ඇගේ දරුවෙකු අද (16දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පුලස්තිපුර පොලීසිය සඳහන් කරයි.
විදුලිසර වැදීමෙන් පසු මොවුන් දෙදෙනා පුලස්තිපුර රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන්පසු මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ තල්පොත පුලස්තිපුර ලිපිනයේ පදිංචිව සිටි ගයානි දමයන්ති (34) නමැති තිදරු මවක් සහ ඇයගේ දෙවැනි පුතු වන දහම් නෙත්සරය(07).
මියගිය කාන්තාව අසල්වාසී නිවසක ආහාර සකසමින් සිටියදී මියගිය දරුවාට විදුලිසර වැදෙනු දැක දරුවා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාටම විදුලිසර වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුලස්තිපුර පොලීසිය මගින් සිදුකරනු ලබයි.