ජල විදුලියේ ප්රතිලාභ ක්ෂණික, මධ්‍යකාලීන, හා දිගුකාලීන වශයෙන් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලක්ෂපාන, කැනියොන් හා කාසල්රී බලාගාරවල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
වඩා ගුණාත්මක භාවයෙන් යුතු විදුලි සැපයුමක් ජනතාවට ලබාදීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන බවත් නිසි පරිදි වෝල්ටීතාව පවත්වාගෙන පිරිවැය අඩු කරගනිමින් එහි වාසිය ඉතා කඩිනමින් ජනතාවට ලබාදීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවැසිය
එසේම දකුණු ආසියාවේ හොඳම විදුලිය සපයන්නා ලෙස විශේෂත්වයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමත්‍ය අජිත් පී පෙරේරා මහතාද සහභාගී විය.