විදුලිය, ඛනිජ තෙල් ඇතුළු බලශක්ති ක්ෂේත්රයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට උපායමාර්ගික ආයතනයක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක
මහතා සඳහන් කරයි.
"ඛනිජතෙල්, විදුලිය වැනි ආයතන පුද්ගලීකරණය නොකර, රාජ්‍ය අංශයේම පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව ආඩම්බර වෙනවා. එසේම මෙම ක්ෂේත්රයන්හි පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමටත්, අනාගත අභියෝග ජයගැනීම සදහාත්, මෙම ආයතන සියල්ල ඒකාබද්ධව පාලනය කළහැකි නව කළමනාකරණ විධික්රමයක් හඳුන්වාදිය යුතුයි. ඒ අනුව බලශක්ති ක්ෂේත්රයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට, ව්‍යවස්ථාපිත බලතල සහිත උපායමාර්ගික ආයතනයක් ස්ථාපිත කිරීමට අදහස් කරනවා. යැයි අමාත්‍යවරයා පැවැසීය. වි
නව වසර වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ සේවක මණ්ඩල ඇමතීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ බව අමාත්‍යාංශය ඊයේ (17දා) නිවේදනය කළේය.