ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි ගැටලුවට විසඳුමක් ලෙස නිවාස ලක්ෂ 10 ක වහළ මත සූර්යකෝෂ සවිකර විදුලිය ලබාගැනීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
මේ අනුව නිවාස 05 ක එක් නිවසක් විදුලිය නිෂ්පාදනය කරන ස්ථානයක් බවට පත් වන අතර, සූර්ය කෝෂවලින් නිෂ්පාදනය කරන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක්කර ගැනීමට සැලසුම් කර ඇත.