පසුගිය දිනවල පතිත වූ වර්ෂාවත් සමග රටේ විදුලිය නිෂ්පාදනය කරන ප්‍රධාන ජලාශ සියල්ලම 75%කට වඩා පිරී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල අටාල ප්‍රදේශයේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කරන ලද අවතැන් වූවන් පිරිසක් රැඳී සිටින අවතැන් කඳවුරක නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.