ලංකා විදුලිබල මණ්ඩලයේ අර්බුද සහ එහි පාලනාධිකාරිය පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු කිහිප දෙනෙක් ඊයේ (07දා) පාර්ලාමේන්තුවේදී සිය අදහස් දක්වා සිටියහ. විදුලිබල අර්බුද පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් ඔවුහු මෙම අදහස් දැක්වීම් සිදුකළහ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා තවත් සමාගම් 15 ක සභාපතිවරයෙකු ලෙස වැඩ කරන බවයි.
විදේශයන්හි තිබෙන විදුලිබල මණ්ඩල වුවද මිලදීගැනීමට තරම් වූ වත්කම් ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින ඇතැම් නිලධාරීන් සතුවන බවත්, ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කළහොත් එය මිලදී ගැනීම පවා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින්ම සිදුකරනු ඇති බවත් ඔහු කීය.
මෙහිදී පාඨලී රණවක මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික වැටුප රුපියල් 419,380 ක් බවත් සියලු දීමනා සමග ඔහුගේ වැටුප රුපියල් 996,863ක් බවත්ය. එසේම අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික වැටුප රුපියල් 340,645 ක් බවත්, සියලු දීමනා සමග ඔහුගේ සම්පූර්ණ වැටුප රුපියල් 787,810 ක් බවත් ඔහු කියා සිටියේය. එසේම එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ මූලික වැටුප රුපියල් 232,860ක් වන අතර, සියලු දීමනා සහිතව රුපියල් 564,674 ක වැටුපක් ඔහුට ලබාදෙන බවයි.