වෙඩි තැබීම් හා පහරදීමේ සිදුවීම් වලට චෝදනා ලබා අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා සිටින විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හා පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අදාළ පොලිස් බල ප්‍ර‘දේශ තුළ නොමැති බවත්, එහෙත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ෙරා්හණ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට අදාළව පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර ඇති විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු අනෙක් දෙදෙනාත්, ලිපි බෙදන්නෙකුට පහරදීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතාත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ වනවිට මෙම පිරිස අදාළ පොලිස් බල ප්‍ර‘දේශ තුළ නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාළ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත, කහවත්ත ප්‍රා‘දේශීය සභාවේ සභාපති වජිර දර්ශන යන අය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙරේදා (03දා) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මීට අමතරව ලිපි බෙදන්නෙකුට පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (05දා) නියෝගයක් නිකුත් කළේය.