තමන්ට රැකියා නොදුන්නැයි පවසමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයේ යෙදෙන උද්ඝෝෂකයෝ පිරිසක් මීට සුළු මොහොතකට ප්‍රථම අමාත්‍යාංශය ඉදිරිපිට සුදුකොඩි එසවීමට කටයුතු කළහ.
ආණ්ඩුව විසින් ජාතික කොඩිය එසවීමට පවසා තිබියදී එයට විරෝධය පළකිරීමක් ලෙස මෙලෙස සුදු කොඩි ඔසවා තිබේ. මේපිළිබඳ අප විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් විමසීමේදී එහි ප්‍රකාශකයකු පැවසුවේ අදාළ පිරිස මෑන්පවර් සේවක පිරිසක් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට බඳවාගැනීමට අවශ්ය්ය සුදුසුකම් ඔවුන් සපුරා නොමැතිබවත්ය.