2014 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් දීපව්‍යාප්තව සිදුකල වැටලීම්වලින් විදුලි හොරු 3199 ක් නීතියේ රැහැනට හසුකරගෙන තිබෙන බවත්, ඉන් ලත් මුළු ආදායම රු. 212,777,977.03 ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ඉන් මිලියන 191 ක් :ලංවිම අලාභය වශයෙනුත්, මිලියන 21 ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ. මෙම වංචනික විදුලි පරිහරණයන්ගෙන් සිද්ධීන් 2077 ක් මීටර් වෙනස්කිරීම් වන අතර 1122 ක් කොකු යොදා විදුලිය ලබාගැනීම් ලෙස හඳුනාගෙන තිබෙන බවත් විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.