පළාත් දෙකක සහ මින්නේරිය, නුවර, කුරුණෑගල, හබරණ, අනුරාධපුර යන ප්‍රදේශවල සිදුවූ විදුලි විසන්ධි වීම් ප්‍රාදේශීය විදුලි පද්ධතිවල සිදුවූ දෝෂයක් නිසා සිදුවූවක් බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ වනවිට සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත්කර තිබෙන බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරයි.
මෙම විදුලිය විසන්ධි වීම කුමන හේතුවක් නිසා සිදුවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, අදාළ සිදුවීම් පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.