විදුලි සංදේශ පනත පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන වැටහීමකින් තොරව කටයුතු කරන බව පෙනී යන බවත් එම පනත පිළිබඳව අධිකරණ ක්ෂේත්රය දැනුම්වත් කිරීමටත් පනතේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් සමග අද පස්වරුවේ(19) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
එමෙන්ම ජපන් තාක්ෂණයට අනුව රූපවාහිනි ඩිජිටල් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන බවත් ඊට ගැලපෙන පරිදි විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සහ දැනට පවතින බලපත්‍ර යාවත්කාලීන කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.