විදුලි ශ්‍රමදාන සතිය අදි සිට ආරම්භ විය. කිලෝමීටර් ලක්ෂ දෙකහමාරකට ආසන්නව දිවයින පුරා පවතින විදුලි රැහැන් පද්ධතිය නිසි ලෙස නඩත්තු කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ඨ සේවාවක් ලබාදීම විදුලි ශ්‍රමදාන සතියේ අපේක්ෂාව වී තිබේ.
මේ අතර නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා විදුලිය සැපයීමට තවත් විදුලි බලාගාරයක් එක් කිරීමට පියවර ගන්නා බව
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.
නොරොච්චෝලේ තාප බලාගාරය කඩිනමින් සක්‍රිය කිරීම සඳහායි අමතර විදුලි බලාගාරයක් ලෙස මෙය එක්කෙරේ.